නිල්වලා, කැලණි , කළු සහ ගිං ගංගාවල ජල මට්ටම් ඉහළ යමින් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, රත්නපුර, කුරුවිට , කිරිඇල්ල, අයගම, ඇලපාත කළු ගඟ පිටාර තැන්නට අයත් පහත් බිම් ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවයි.
මේ අතර අධික වර්ෂාව සමග කළු ගඟ පිටාර ගැලීමෙන් රත්නපුර නගරය ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් ඇතිව තිබේ.
ඒ හේතුවෙන් මේ වනවිට පහත්බිම් රැසක් ජලයෙන් යටවී ඇති අතර අධික වැසි සමග කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු තුනම විවෘත කර ඇති බව සඳහන්ය.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ප්‍රධාන ගංගා හා සෙසු ගංගා ද්‍රෝණි ආශ්රිත පහත්බිම්වල වෙසෙන ජනතාව ද සුළු ගංවතුර පිළිබඳ ඉතා අවදානයෙන් කටයුතු කළ යුතු බව යි.
මේ අතර අධික වැසි සමග ඇති වූ තද සුළං හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක විදුලි පාරිභෝගිකයින් 85,000කට විදුලි බලය ඇණ හිට ඇතැයි විදුලිබල අමාත්‍යාංශය සඳහන් කළේය.
එම අමාත්‍යංශය සඳහන් කළේ, මේ වන විට එම බිඳවැටීම් බොහොමයක් නැවත යථා තත්වයට පත් කර ඇති බවයි.