Headlines

    ලංකාවට එවන කොවිඩ් – 19 එන්නත් තොගය සූදානම් – ඉන්දියාව දන්වයි

    ඉන්දීය දේශීය අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් ඉදිරි සති හා මාස වලදී හවුල්කාර රටවල් සඳහා ඉන්දියාව විසින් කොවිඩ් -19 එන්නත ලබා දෙන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. භූතානය, මාලදිවයින, බංග්ලාදේශය, නේපාලය, මියන්මාරය සහ සීෂෙල්ස් යන රටවලට බදාදා (20) සිට ආධාර යටතේ කොවිඩ් -19 එන්නත ලබා දෙන බව ඉන්දියාව අඟහරුවාදා (19) නිවේදනය කළේය.

    එන්නත් සැපයීම සඳහා ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්ථානය සහ මොරිෂස් වෙතින් අවශ්‍ය නියාමන නිෂ්කාශන තහවුරු කිරීමට ඉන්දියාව බලා සිටින බව පැවසීය. නිවේදනයක් නිකුත් කරමින් නරේන්ද්‍ර මොදී මහතා කියා සිටියේ අසල්වැසි සහ ප්‍රධාන හවුල්කාර රටවලින් ඉන්දියානු නිෂ්පාදිත එන්නත් සැපයීම සඳහා ඉන්දියාවට ඉල්ලීම් කිහිපයක් ලැබී ඇති බවයි.

    Image Credit – Time of India

    “මෙම ඉල්ලීම්වලට ප්‍රතිචාර වශයෙන් සහ කොවිඩ් වසංගතයට එරෙහිව සටන් කිරීමට ඉන්දියාවේ එන්නත් නිෂ්පාදනය හා බෙදා හැරීමේ ධාරිතාවයට අනුකූලව භූතානය, මාලදිවයින, බංග්ලාදේශය, නේපාලය, මියන්මාරය සහ සීෂෙල්ස් සඳහා ආධාර යටතේ සැපයුම් ජනවාරි 20 සිට ආරම්භ වේ.” – නරේන්ද්‍ර මොදී

    උපුටා ගැනීම –https://timesofindia.indiatimes.com/india/india-announces-supply-of-coronavirus-vaccines-to-six-countries-under-grant-assistance/articleshow/80349721.cms (Accessed jan-20-2021 12.10 a.m IST)

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *