Headlines

    පාස්කු ප්‍රහාරය ගැන සභාව කල්තැබීමේ විවාදයක්

    පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සභාව කල්තැබීමේ විවාදයක් අප්‍රේල් 24, 25 හා 26 යන තෙදින පුරා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වී තිබේ.

    පාර්ලිමේන්තු සන්නිවේදන ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ, නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එම තීරණය ගත් බවය.

    ඒ අනුව අප්‍රේල් 24 වන බදාදා පෙ.ව 9.30 සිට 10.30 දක්වා අපරාධ නඩු සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවන වර කියවීම) සහ විෂවර්ග, අබිං සහ අන්තරාදායක ඖෂධ ආඥා පනත යටතේ නියෝග විවාදයට ගැනීමට නියමිතය. 

    අනතුරුව පෙ.ව 10.30 සිට ප.ව 5.30 විරුද්ධ පාර්ශව විසින් ගෙනෙනු ලබන යෝජනාවකට අනුව පාස්කු ඉරු දින සිදුවු ප්‍රහාරය සම්බන්ධයෙන් සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමට ද මෙහිදී තීරණය වූ බව වැඩබලන මහලේකම්වරයා පැවසීය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *