Headlines

    දවසේ කොරෝනා වාර්තාව (2021-Jan-20) – ඊයේ ආසාදිතයින් 669 යි මරණ 03 යි

    අද දින (20) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 669 දෙනෙකු හදුනාගෙන ඇති බවත් ඉන් පුද්ගලයින් 09 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන අතර සෙසු 660 දෙනා දේශීයව හදුනාගත් පුද්ගලයින් බව ජාතික කොරෝනා මර්ධන මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (19) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම ගණන 130 ක් ලෙස දැක්වේ. ගම්පහ සහ කුරුණෑගල දිස්ත්‍රික්ක වලින් ආසාදිතයන් 60 බැගින් වාර්තා වන අතර අනෙක් ආසාදිතයන් 366 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වී ඇත.

    පසුගිය පැය 24 තුළ ශ්‍රී ලංකාව තුළ ‍කොවිඩ්-19 ආසාදිත වීමෙන් පුද්ගල මරණ 03 ක් වාර්තා වී ඇති අතර ඔවුන් මාලිගාවත්ත, කොළඹ 06 සහ අරණායක ප්‍රදේශ වල පදිංචි පුද්ගයින් ලෙස වාර්තා වේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 මරණ සංඛ්‍යාව 273 දක්වා ඉහල ගොස් ඇත. ඊයේ (19) දිනයේ PCR පරීක්ෂණ 14,294 ක් මෙරට තුළ සිදු කර තිබේ.

    කොවිඩ-19 වෛරසය ආසාදනය වූ සම්පූර්ණ සංඛ්‍යාව – 54,418
    පූර්ණ සුවය ලබා රෝහල් වලින් බැහැරව ගිය ආසාදිතයින් සංඛ්‍යාව – 46,593
    දැනට රෝහල් වල සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව – 7,552
    දැනට ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 නිසා සිදු වී ඇති මරණ සංඛ්‍යාව – 273

    https://www.gossiplankanews.com/ (Accessed jan-20-2021 9.30 a.m IST)

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *