එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී යුද්ධය හේතුවෙන් උතුරු හා නැගෙනහිර පළාත්වල අවතැන්වූවන් රඳවා සිටින සියලු සුබසාධන මධ්‍යස්ථාන මෙම වසරේදී වසා දමන බවට නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යංශය ඊයේ පවසා සිටියා.
මේ වනවිට යාපනය දිස්ත්‍රික්කයේ සුබසාධන මධ්‍යස්ථාන තුනක් ක්‍රියාත්මකව පවතින අතර එහි රැඳී සිටින පවුල් සංඛ්‍යාව 10ක් බවයි එම අමාත්‍යංශය පැවසුවේ.
උතුරු හා නැගෙනහිර පැවති ගැටුම්කාරී වාතාවරණය හමුවේ අවතැන්ව සිටි පවුල්වලින් මේ වනවිට සුබසාධන මධ්‍යස්ථානවලට ඇතුළත් නොවී නැවත පදිංචිය බලාපොරොත්තුවෙන් නෑදෑ හිත මිතුරන්ගේ නිවාසවල පවුල් 1,502ක් රැඳී සිටින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පැවසුවේය.
ඉන් පවුල් 212ක් සඳහා ඉඩම් නිදහස් කර ඇති අතර ඔවුන්ට ඉදිරියේදී නිවාස ලබාදීම නියමිතය.
එමෙන්ම ඉඩම් අහිමි අනෙකුත් සියලුදෙනාට කඩිමින් ඉඩම් ලබාදීමට කටයුතු කරන ලෙස ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයට උපදෙස් දී ඇති අතර ඔවුන් සඳහා ද ඉදිරියේ දී ඉඩම් නිදහස් කිරීමට නියමිත බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ නැවත පදිංචි කිරීමේ අංශය සඳහන් කළේය.