Headlines

    අවුරුද්ද වෙනුවෙන් නිදහස ලැබූ පිරිස 779ක්

    සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් බන්ධනාගාර ගතව දඩුවම් ලබමින් සිටින රැඳවියන් 779 දෙනෙකු රාජ්‍ය සමාව යටතේ නිදහස ලබාගැනීමට නියමිතව තිබේ.

    විශේෂ රාජ්‍ය සමාවට සුදුසුකම් ලබන සිරකරුවන් 768 දෙනෙකු සහ සිරකාරියන් 11 දෙනෙකු මෙලෙස නිදහස ලබාගැනීමට නියමිතය.

    දිවයිනේ සෑම බන්ධනාගාරයකින්ම අද දිනයේ අදාළ සිරකරුවන් පිරිසට නිදහස ලබාදීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.      

    මේ අතර මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් බන්ධනාගාර රැඳවියන් බැලීමේ අවස්ථාව අද දිනයේදී ද ඥාතීන්ට ලබාදෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

    එහිදි රැඳවියන්ගේ ඥාතීන් විසින් නිවසින් රැගෙන එන ආහාර, රසකැවිලි හා සනීපාරක්ෂක ද්‍රව්‍ය ලබාදීමට හැකි බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    පවතින නීතිරීති හා නියමිත සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් යටතේ අදාළ ද්‍රව්‍ය රැඳවියන් වෙත ලබාදීමට නියමිතය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *