Headlines

    ගමේ ගිය ජනතාවට කොළඹ එන්න විශේෂ ප්‍රවාහන පහසුකම්

    අලුත් අවුරුද්ද සැමරීම සඳහා ගම්බිම් බලා පිටත්ව ගිය ජනතාවට යළි පැමිණීම සඳහා අද (15) සහ හෙට (16) විශේෂ බස් රථ යෙදවීමට කටයුතු කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

    එහි සභාපති ශෂී වෙල්ගම මහතා පැවසුවේ මගී අවශ්‍යතාව පරිදි එම බස් රථ යෙදවීමට කටයුතු කර ඇති බවය.

    මේ අතර දුම්රියෙන් පැමිණෙන මගී ජනතාවට ද ඔවුන්ගේ පහසුව සඳහා විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක් යොදවා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ. ඉදිපොලගේ මහතා පැවසීය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *