Headlines

    රැකී රක්ෂා සඳහා පිටත්ව යෑමේ නැකැත උදාවෙයි

    රැකී රක්ෂා සඳහා පිටත්ව යාමේ චාරිත්‍රය අද පූර්ව භාග 6.52ට යෙදී තිබිණි.

    කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී ගිතෙල් සහ හකුරු මිශ්‍ර කිරිබතක් සහ කැවිලි වර්ගයක් අනුභව කර උතුරු දිශාව බලා රැකි රක්ෂා සඳහා පිටත්ව යාම සුබ බව නැකැත් පත්‍රයේ සඳහන් වුණි.

    මේ අතර පැළ සිටුවීමේ චාරිත්‍රය හෙට (18) වැනි බ්‍රහස්පතින්දා පූර්වභාග 10.16ට යෙදී තිබේ.

    රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා පැළ සිටුවීම සුබ බව නැකත් පත්‍රයේ දක්වා ඇත.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *