Headlines

    බොරුකාරයන්ට අහුවෙන්න එපා – තැපෑලෙන් SMS එවන්නේ නෑ

    දේශීය හෝ විදේශීය පාර්සල් ලැබීමක් දන්වා ශ්‍රී ලංකා තැපෑල කිසිදු SMS පණිවුඩයක් ගනුදෙනුකරුවන් වෙත යැවීමක් සිදුකර නොමැති බව තැපැල්පති එස්. ආර්. ඩබ්. එම්. ආර්. පී සත්කුමාර මහතා පවසයි.

    නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කර ඇත්තේ, එහෙත් වංචනිකව සකස් කළ වෙබ් අඩවියක් සහ උපක්‍රමිකව සකස් කරගත් ව්‍යාජ ජංගම දුරකථන අංක යොදා ගනිමින් මහජනතාව රවටන වංචාවක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බවය.

    ශ්‍රී ලංකා තැපෑල, ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව, SL POST, Sri Lanka Post ආදි නම් භාවිත කරමින් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය ද  උපක්‍රමිකව අවභාවිත කරමින් මෙම ජාවාරම ක්‍රියාත්මක වන බව පැවසේ.

    ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ කෙටි පණිවුඩ මඟින් කාඩ්පත් තොරතුරු විමසීමක් කිසිසේත් සිදුනොකරන අතර ණය කාඩ්පත් මඟින් පාර්සල් සම්බන්ධ කිසිදු ගනුදෙනුවක් සිදුනොකෙරේ.

    මහජනතාව වෙත ලැබෙන කෙටි පණිවුඩයක් සඳහා සිය ණය කාඩ්පත් දත්ත වෙබ් අඩවියකට හෝ කෙටි පණිවුඩයක් මඟින් හෝ වෙනත් කිසිදු ආකාරයකින් ලබාදීම සිදුනොකරන ලෙසද තැපැල් දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

    පහත සඳහන් දුරකථන අංක මඟින් වැඩිදුර විස්තර ලබාගත හැකියි.

    තැපැල් දෙපාර්තමේන්තු උපකාරක සේවාව – 1950

    තොරතුරු තාක්ෂණ අංශය – 0112 542104 / 0112 334728 / 0112 335978 / 0112 687229 / 0112 330072

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *