Headlines

    සිරිසේන පිල සහ සිරිපාල පිල ගැටෙයි

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාරණයට ලක්වූ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශ්වය කැඳවූ රැස්වීමක් පැවති ස්ථානයට ගොස් විරෝධය පළකීරිමට එහි වැඩබලන සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ කණ්ඩායම අද (20) කටයුතු කර තිබුණි.

    එම පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා පැවසුවේ පක්ෂයේ ලේකම් දුෂ්මන්ත මිත්‍රපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම රැස්වීම නීත්‍යානුකූල නොවන බවය. 

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ තනතුරු බෙදීයාම සම්බන්ධයෙන් පැන නැගී ඇති අර්බුදකාරි තත්ත්වය තුළ වාරණයට ලක්වූ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශ්වය අද දේශපාලන මණ්ඩල රැස්වීමක් කැඳවා තිබුණි.

    එම පක්ෂයේ ලේකම් දුෂ්මන්ත මිත්‍රපාල මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම ජයවර්ධනපුර ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයක කැඳවා ඇති බව වාර්තා විය 

    කෙසේවෙතත් එය නීත්‍යනුකූල රැස්වීමක් නොවන බව පවසමින් භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න සහ ජාතික සංවිධායක දුමින්ද දිසානායක ඇතුළු පිරිසක් එම ස්ථානයට ගොස් විරෝධය පළ කර තිබුණි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *