කාත්තන්කුඩි පොලිස් වසමේ ග්‍රාම නිලයධාරී වසම් 8ක් සහ බණ්ඩාරගම අටලුගම ග්‍රාම නිලධාරී වසම් 2ක් ද මොණරාගල, බඩල්කුඹුර අළුපොත ග්‍රාම නිලධාරී වසම ද ඊයේ (21) සවස 6 සිට හුදෙකලා බවින් ඉවත් කර ඇති බව කොවිඩ්–19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දෙයි. ඒ අනුව,
කාත්න්කුඩි පොලිස් වසම
165 කාත්න්කුඩි ග්‍රාම නිලධාරී වසම 03
165 ඒ කාත්තන්කුඩි ග්‍රාම නිලධාරී වසම බටහිර
165 බී කාත්තන්කුඩි ග්‍රාම නිලධාරී වසම නැගෙනහිර
166 කාත්තන්කුඩි ග්‍රාම නිලධාරී වසම 02
166 ඒ කාත්තන්කුඩි ග්‍රාම නිලධාරී වසම උතුර
167 ඒ කාත්තන්කුඩි ග්‍රාම නිලධාරී වසම උතුර
167 බී කාත්තන්කුඩි ග්‍රාම නිලධාරී වසම නැගෙනහිර
167 ඩී නව කාත්තන්කුඩි ග්‍රාම නිලධාරී වසම බටහිර
බණ්ඩාරගම , අටලුගම
660 ඒ එපිටමුල්ල ග්‍රාම නිලධාරී වසම
659 බී බමුණුමුල්ල ග්‍රාම නිලධාරී වසම
මොනරාගල, බඩල්කුඹුර
අළුපොත ග්‍රාම නිලධාරී වසම ඊයේ (21) සවස 6 සිට හුදෙකලා බවින් ඉවත් කර ඇත.
තවද මඩකලපුව දිස්ත්‍රික්කයේ අරසඩි ග්‍රාම නිලධාරී වසම ඊයේ (21) සවස 6 සිට හුදෙකලා කර ඇති බව කොවිඩ්–19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දෙයි.