Headlines

    දියතලාව අනතුරින් මියගිය පිරිස ඉහළට – ඉතිරි ධාවන තරග අත්හිටුවයි

    දියතලාව මෝටර් රථ ධාවන තරගාවලිය අතර සිදුවූ බිහිසුණු අනතුරින් මියගිය සංඛ්‍යාව 7ක් දක්වා ඉහළගොස් තිබේ.

    පොලීසිය පවසන්නේ මෙම අනතුරත් සමග පැවැත්වීමට නියමිතව තිබූ ඉතිරි සියලු ධාවන තරග මේ වනවිට අත්හිටුවා ඇති බවය.

    අනතුරින් තුවාල ලබා පුද්ගලයින් 20 දෙනෙකු නේවාසිකව රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

    අනතුරින් මියගිය 7 දෙනා අතර 8 හැවිරිදි දැරියක් ද වන බව පොලීසිය පවසයි.

    එමෙන්ම ධාවන තරගයේ සහයකවරුන් 4 දෙනෙකු ද අනතුරින් මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *