ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇතුළු රාජ්‍ය ආයතන 05ක ප්‍රධානීන් මෙම සතිය තුළ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව වෙත කැඳවීමට නියමිතන තිබේ.
හෙට (24) දිනයේ දී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව කෝප් කමිටුව හමුවට කැඳවා ඇති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේය.
අනිද්දා දිනයේ දී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ජාතික ආයතනය සහ මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යාධාර අරමුදල කෝප් කමිටුව හමුවට කැඳවා තිබේ.
ලබන සිකුරාදා දිනයේ ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ ප්‍රධානීන් කෝප් කමිටුව හමුවට කැඳවා ඇති බව වාර්තා වේ.
මේ අතර අලුත් අවුරුද්දෙන් පසුව පළමු වරට හෙට දිනයේ පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබේ.
පාස්කු ප්‍රහාරය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයක් හෙට, අනිද්දා සහ සිකුරාදා යන දිනවල පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ඊට අමතරව හෙට දිනයේ දී අපරාධ නඩු විධාන සංග්‍රසය සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීම සහ විෂ වර්ග, අබිං සහ අන්තරාදායක ඖෂධ ආඥා පනත යටතේ නියෝග විවාදයට ගැනීමට නියමිතය.