Headlines

    තවත් රට රැකියා ජාවාරමක්

    තවත් රට රැකියා ජාවාරමක්

    තවත් රට රැකියා ජාවාරමක්

    විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයෙකු බඩල්ගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

    විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන යමින් කැනඩාවේ සහ වෙනත් යුරෝපීය රටවල රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසුවේය.

    අත්අඩංගුවට ගෙන ඇත්තේ 29 හැවිරිදි සඳලංකාව ගොඩැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්ය.

    සැකකරු පන්නල ප්‍රදේශයේ මෙම ව්‍යාජ විදේශ රැකියා ආයතනය පවත්වාගෙන යනු ලබන අතර කාන්තාවකගෙන් සහ පිරිමි පුද්ගලයෙකුගෙන් කැනඩාවට යවන බව පවසා රුපියල් ලක්ෂ 2ක මුදලක් ලබා ගැනීමට බඩල්ගම නගරයට පැමිණි අවස්ථාවේ දී ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකරු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ දී ඔහුගේ නිවසේ තිබී විදේශ ගමන් බලපත්‍ර 50ක් පමණ සොයාගෙන ඇති බව සඳහන්ය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *