Headlines

    සඳේ අඳුරු කලාපයේ සාම්පල ගේන්න චීනය යයි

    සඳේ දුරස්ථ කලාපවල එනම් සඳේ අඳුරු කලාපය ලෙස හඳුන්වන පෘථිවියට නොපෙනෙන කලාපවල සාම්පල රැස් කිරීමේ අරමුණින් චීනය නව මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

    ඒ වෙනුවෙන් සැකසූ මිනිසුන් රහිත චැන්ග් යී සික්ස් යානය රැගත් Long March-5 Y8 රොකට්ටුව අභ්‍යාවකාශ ගත කෙරුණේ වෙන්ග්චැන් අභ්‍යාවකාශ මධ්‍යස්ථානයෙනි.

    දින 53ක් පුරා දියත් කෙරෙන මෙහෙයුමෙන් සඳේ දුරස්ථ කලාපවල සාම්පල කිලෝග්‍රෑම් 2කට ආසන්න ප්‍රමාණයක් විශේලේෂණය සඳහා පෘථිවියට රැගෙන ඒමට නියමිතය.

    ඉන් සඳ නිර්මාණය වූ ආකාරය පිළිබඳව කරුණු අනාවරණය වනු ඇතැයි විද්‍යාඥයින් අපේක්ෂා කරයි.

    චීනයේ චැන්ග් යී 7 මෙහෙයුම යටතේ සඳේ දක්ෂිණ ධ්‍රැවයේ ජලය පවතින්නේද යන්න සහ චැන්ග් යී 8 මෙහෙයුම් යටතේ ජාත්‍යන්තර චන්ද්‍ර පර්යේෂණ මධ්‍යස්ථානයක් ගොඩනැගීමට ඇති තාක්ෂණික හැකියාව පිළිබඳව සොයා බැලීම චීනයේ සැලසුමය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *