අද (05) අලුයම සංගීත ප්රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් ඝාතනයක් සිදුකර ඇති බව වාර්තා වෙයි.
එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව ඝාතනය කර ඇති බව පානදුර උතුර පොලීසිය කීය.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ පානදුර, පරත්ත පාරේ පදිංචිව සිටි 17 හැවිරිදි අයෙකු බව පොලීසිය පවසයි.
පහරදීම සිදුකර ඇති තරුණයා අත්අඩංගුවට ගෙන ඇති අතර පහරදීමට යොදාගත් පිහියද පොලිස් භාරයට ගත් බව පොලීසිය කීය.
ස්ථානාධිපති (වැබ) පොලිස් පරීක්ෂක ඒ ඩී මෙන්ඩිස් මහතාගේ ප්රධානත්වයෙන් අපරාධ අංශ නිලධාරීන් පරීක්ෂණ පවත්වයි.