Headlines

    ජයග්‍රහණය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට

    20යි 20 කාන්තා ලෝක කුසලාන තරගාවලිය ට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් විය.

    තරගයේ කාසියේ වාසිය දිනූ ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළහ.

    ඒ අනුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 169ක් ලබා ගත්තේය.

    චමරි අතපත්තු ලකුණු 102යි.

    පිළිතුරු ඉනිම සඳහා පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 101ක් පමණයි.

    උදේෂිකා ප්‍රබෝධනී ලකුණු 13කට කඩුලු 3ක් දවා ගත්තාය. 

    ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 68කින් තරගයේ ජය වාර්තා කිරීමට සමත් වුණි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *