Headlines

    කෝටි 2කට අධික කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් ගුවන්තොටේ දී මාට්ටු

    රුපියල් කෝටි 2කට අධික වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

    කටුනායක ගුවන්තොටුපොළ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

    අත්අඩංගුවට ගත් සැකකරු තායිලන්තයේ බැංකොක් නුවර සිට මෙරටට පැමිණ ඇති අතර ඔහුගේ ගමන්මල්ලේ ඉතා සූක්ෂව අසුරා තිබු කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 278ක් බරැති කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

    මෙම සැකකරු හෝමාගම ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකු වන අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරින් විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *