Headlines

    ප්‍රදේශ 10ක් හුදෙකලා බවින් ඉවතට – තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ.

    අද (25) දින උදෑසන 6 සිට ග්‍රාම නිළධාරී වසම් 3ක් හුදකලා කර ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි. ඒ අනුව,

    i. හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මැක්කොණිය ගම්මානය.
    ii. පූජාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පල්ලියකොටුව සහ ගල්හින්න ග්‍රාමනිලධාරී වසම්.

    හුදෙකලා කල බව ඒ මහතා ප්‍රකාශ කළේ ය.

    කෙසේ වෙතත් අද (25) දින උදෑසන 6 සිට කල්මුණේ උතුර හා දකුණ ග්‍රාම නිළධාරී වසම් 10 ක් හුදෙකලා බවින් ඉවත් කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩි දුරටත් ප්‍රකාශ කරයි. ඒ අනුව,

    කල්මුණේ උතුර ග්‍රාම නිලධාරී කොට්ඨාසය
    කල්මුනේ 1C
    කල්මුනේ 1E
    කල්මුනේ 2
    කල්මුනේ 2A
    කල්මුනේ 2B
    කල්මුනේ 3A
    කල්මුණේ දකුණ ග්‍රාම නිලධාරී කොට්ඨාසය
    කල්මුණේ 01 (M.D)
    කල්මුණේ කූඩි 01
    කල්මුණේ කූඩි 02
    කල්මුණේ 03 (M.D)

    එලෙස හුදෙකලා බවින් ඉවත් කෙරෙනු ප්‍රදේශ වේ.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *