Headlines

    අද මිලිමීටර් 100 ඉක්මවූ වැස්සක්

    අද (12) දිනයේ බොහෝ පළාත්වල සවස් කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි හටගෙන තිබේ.

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ මේ වනවිට ගම්පහ ප්‍රදේශයෙන් මිලිමීටර් 101ක වර්ෂාපතනයක්, වතුපිටිවල ආශ්‍රිතව මිලිමීටර් 98.5ක වර්ෂාපතනයක්, පලාබද්දල ප්‍රදේශය ආශ්‍රිතව මිලිමීටර් 81.5ක වර්ෂාපතනයක් වාර්තාවී ඇති බවය.

    අද දිනයේදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මිලිමීටර් 100 වඩා වැඩි තදවැසි  බලාපොරොත්තු වන බවත් කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශ්‍රීමාල් හේරත් මහතා පැවසීය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *