Headlines

    දවසේ කොරෝනා වාර්තාව (2021-jan-25) – ඊයේ ආසාදිතයින් 843 යි මරණ 03 යි

    අද දින (25) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 883 දෙනෙකු හදුනාගෙන ඇති බවත් ඉන් පුද්ගලයින් 02 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන අතර සෙසු 841 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (24) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම ගණන 480 ක් ලෙස දැක්වේ. ගම්පහ දිස්ත්‍රිකයෙන් ආසාදිතයන් 86 ක් ද කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 72 ක් වාර්තා වන අතර අනෙක් ආසාදිතයන් 203 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වී ඇත.

    පසුගිය පැය 24 තුළ ශ්‍රී ලංකාව තුළින් ‍කොවිඩ්-19 ආසාදිත වීමෙන් පුද්ගල මරණ 03 ක් වාර්තා වී ඇති අතර මෙලෙස මිය ගොස් ඇත්තේ කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිව සිටි 77හැවිරිදි කාන්තාවක්, මරදාන ප්‍රදේශයේ පදිංචිව සිටි 84හැවිරිදි කාන්තාවක් සහ පූජාපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 65හැවිරිදි කාන්තාවක් ලෙස වාර්තා වේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 මරණ සංඛ්‍යාව 283 දක්වා ඉහල ගොස් ඇත. ඊයේ (24) දිනයේ PCR පරීක්ෂණ 17,523ක් මෙරට තුළ සිදු කර තිබේ.

    කොවිඩ-19 වෛරසය ආසාදනය වූ සම්පූර්ණ සංඛ්‍යාව – 58,430
    පූර්ණ සුවය ලබා රෝහල් වලින් බැහැරව ගිය සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව – 49,684
    දැනට රෝහල් වල සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව – 8,463
    දැනට ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 නිසා සිදු වී ඇති මරණ සංඛ්‍යාව – 283

    https://www.hpb.health.gov.lk/ (Accessed jan-25-2021 11.30 a.m IST)

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *