Headlines

    විදුලිබල පනත ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

    රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර තිබෙන විදුලිබල පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි නිත්‍යානුකූලභාවය පිළිබඳ සිය රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙත යොමුකරන බව නිවේදනය කළේය. 

    විජිත් මලල්ගොඩ, ශිරාන් ගුණරත්න සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ එම පෙත්සම් විභාගය පැවැත්වුණි.

    පුරා දින තුනක් තිස්සේ පැවැති මෙම පෙත්සම් විභාගය අද දින අවසන් කරමින් විනිසුරු මඩුල්ල මෙම නිවේදනය නිකුත් කළේය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *