Headlines

    ලංවිම දූෂිත ගනුදෙනු රැසක් කෝප් කමිටුවේ දී දිග හැරෙයි

    ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරුන් 130 දෙනෙකු පමණ මෑත කාලය තුළ සේවය හැර ගොස් ඇති බව අනාවරණය වී තිබේ.

    පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවේදී මේ බව අනාවරණය වී ඇති බව සඳහන්ය.

    එහිදී මධුර විතානගේ මන්ත්‍රීවරයා කළ විමසීමේදී ප්‍රතිචාර දැක්වූ ලංකා විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සාම්‍යාධිකාරී පාලිත පෙරේරා මහතා පැවසුවේ, මුළු ඉංජිනේවරු 330 දෙනෙකුගේ පුරප්පාඩු පවතින බවය.

    “130ක් ඉල්ලා අස්වෙලා ගිහින් තියෙනවා ගිය අවුරුද්දේ සහ මේ අවුරුද්දේ මුල් මාස 4 ඇතුළත. අපිට විශ්‍රාම ගිය අයත් බඳවා ගැනීම් සිදුනොකළ නිසා ඔක්කෝම ඉංජිනේරුවන් 330ක අඩුවක් තියෙනවා.”

    ඒඑස් පවර් විදුලි බලාගාරය මිලදී ගැනීමට යෝජනා වී තිබුණු අවස්ථාවක එසේ නොකර එමඟින් හදිසි මිලදී ගැනීම් සිදුකිරීමෙන් රුපියල් බිලියන ගණනක පාඩුවක් විදුලිබල මණ්ඩලයට සිදුව ඇති බවද කෝප් කමිටුවේදී අනාවරණය වුණි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *