Headlines

    ඉන්දීය ධීවරයින් නීති විරෝධීව මෙරට මුහුදු සීමාවට ඇතුළු වීම වැළැක්වීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක්

    මෙරට මුහුදු සීමාවට නීති විරෝධීව ඉන්දීය ධීවරයින් ඇතුළුවීම වැළැක්වීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා විසින් පත්කර තිබේ.

    අදාළ කමිටුව ධීවර අමාත්‍යාංශයේ සහ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ගෙන් සමන්විත අතර ධීවර සංගම් නියෝජිතයින් ද ඊට ඇතුළත් වී ඇතිබව ධිවර අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

    ඉන්දීය ධීවරයින් මෙරට මුහුදු සීමා උල්ලංඝණය කරමින් සිදුකරන ධීවර කටයුතු නැවැත්වීම සඳහා හා එයින් සිදුවන ගැටළුකාරී අවස්ථවන් සඳහා ස්ථීර විසඳුමක් ලබාදීමට අවශ්‍ය නිර්දේශ ලබාදීම මෙම කමිටුව මගින් අපේක්ෂා කරන බව ධීවර අමාත්‍යාංශය වැඩි දුරටත් සඳහන් කරයි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *