Headlines

    කාලගුණයෙන් මුහුද ගැන රතු අනතුරු ඇඟවීමක්

    තද සුළං සහ මුහුද රළු වීම පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත.

    ඉදිරි පැය 24 සඳහා වලංගු වන පරිදි එම දෙපාර්තමේන්තුව මෙම නිවේදනය නිකුත් කර තිබේ.

    එහි සඳහන් වන්නේ රීමල් සුළි කුණාටුව හේතුවෙන් දිවයින වටාවන මුහුදු ප්‍රදේශයේත් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේත් ඉතා තද සුළං සමගින් තද වැසි ඇතිවිය හැකි බවය.

    එසේම එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

    උතුරු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති රීමල් සුළි කුණාටුව අද (26) පෙරවරුව වනවිට චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති බව එහි වැඩිදුරටත් සඳහන් වෙයි.

    කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති රතු අනතුරු ඇඟවීමේ නිවේදනය පහතින්.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *