කොල්ලුපිටිය වෙළෙඳ සංකීර්ණයක වෙළෙඳසැලක කොල්ලයක් සිදුව ඇති බව පොලීසිය පවසයි.
එහිදී කොල්ලකරු විසින් රුපියල් ලක්ෂ 40කට ආසන්න ජංගම දුරකථන අඩංගු බෑගයක් කොල්ලකා පළාගොස් ඇති බවට වාර්තාවෙයි.
පොලීසිය පවසන්නේ සැකකරු එක්වරම වෙළෙඳසැල වෙත කඩාවැදී ගිනි අවියක් පෙන්වා මෙම කොල්ලය සිදුකර ඇති බවය.
අනතුරුව සැකකරු යතුරුපැදියක නැගී පළාගොස් ඇති බව පොලීසිය වැඩිදුරටත් පවසයි.
කොල්ලුපිටිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.