Headlines

    කම්කරු නීති වෙනස් නොකරන්නැයි රජයට ඉල්ලීමක්

    නව කම්කරු නීතියක් සඳහා ඉදිරිපත් වී ඇති වත්මන් යෝජනා නතර කරන ලෙස ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

    කම්කරු නීතිවල ප්‍රතිසංස්කරණ සිදුකළ යුත්තේ කම්කරුවන්ගේ සහ ඔවුන්ගේ නියෝජිතයන්ගේ නිසි උපදෙස් ලබා ගැනීමෙන් පසුව පමණක්  බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පෙන්වා දෙයි.

    ජාත්‍යන්තර ප්‍රමිතීන් සහ අයිතිවාසිකම් ඉවත් කිරීම මඟින් කම්කරු අයිතිවාසිකම් සහ ආරක්ෂාව දුර්වල කරන යෝජිත නව ප්‍රතිසංස්කරණ පිළිබදව අදාළ සංවිධානය සිය කනස්සල්ල පළකර තිබේ.

    ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති සහ සිවිල් සංවිධානවල ඉල්ලීම් සැලකිල්ලට නොගතහොත් ඉදිරියේ දී දැඩි විරෝධතා ඇතිවිය හැකි බවට ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය අනතුරු ඇඟවීමක් ද සිදුකර ඇති බව වාර්තා වේ.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *