Headlines

    55 සපිරුණු සියලු ශ්‍රමිකයන්ට ප්‍රතිලාභ ලැබෙන යෝජනාවට අනුමැතිය

    විවිධ කර්මාන්තවල සේවයේ යෙදෙන වයස අවුරුදු 55 සපිරුණු සියලු ශ්‍රමිකයන්ට සමාජ ආරක්ෂණ ප්‍රතිලාභයක් ලබාදිය හැකි වන පරිදි සකස් කෙරුණු යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව මනූෂ නානායක්කාර අමාත්‍යවරයා පවසයි.

    ඔහු පැවසුවේ “ගරුසරු” වැඩසහනට සමගාමීව සකස් කෙරෙන මෙම ක්‍රියාවලිය සඳහා නීතිමය ප්‍රතිපාදන සකස් කිරීම ද මේ වන විට ආරම්භ කර තිබෙන බවය. 

    www.garusaru.lk යන වෙබ් අඩවිය යටතේ මේ වනවිට විෂය කේෂ්ත්‍ර ගණනාවකට ලියාපදිංචි වීමට අවස්ථාව ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

    “විශේෂයෙන්ම වෘත්තීය සමිති හදන්න බැරි මාධ්‍යවේදීන්ට, ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට, පින්තාරුකරුවන්ට, ත්‍රීරෝද රථ රියදුරෝ, බස් රියදුරෝ සියලුදෙනාට මේක හරහා ලියාපදිංචි වෙලා ශක්තිමත් වෙලා තමන්ගේ ගරුත්වය හදාගන්න පුළුවන් වැඩසටහන අපි හදනවා. මම අනුමැතිය හම්බ වුණා කැබිනට් මණ්ඩලයේ වාර්තාව හදන්න. රටේ ශ්‍රම බළකායට රාජ්‍ය අංශයට විශ්‍රාම වැටුපක් හම්බ වෙනවා. පුද්ගලික අංශයට ETF/ EPF හම්බ වෙනවා. හැබැයි අනෙකුත් ලංකාවේ ගණන් හිලව් නැති අයට අපි ලබාදෙනවා අවුරුදු 55 ඉවර වුණාම සමාජ සුබ සාධන ක්‍රමවේදයක්. ඔවුන්ටත් විශ්‍රාම අයිතියක් ලබාදෙනවා දීමනාවක් ලබාදෙන විදියට. අපි ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා ඊට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන හදන ක්‍රමවේදය අපි ආරම්භ කරනවා.”

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *