Headlines

    “ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා – කොවිෂීල්ඩ්” කොවිඩ් එන්නත රැගත් ගුවන් යානය කටුනායකට

    ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට ලැබෙන “ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා – කොවිෂීල්ඩ්” එන්නත් තොගය අද (28) පෙ.ව 11.35 ට පමණ ඉන්දීය ගුවන් සේවයේ A I – 281 දරන ගුවන් යානයෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ළඟා විය. එම තොගයේ එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් අඩංගු වේ. එම එන්නත් පුද්ගලයින් 250,000 කට එන්නත් කළ හැකි අතර තොගයේ බර කිලෝග්‍රෑම් 1323 කි.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කටුනායක ගුවන්තොටුපොළේදී එම තොගය නිල වශයෙන් භාරගැනීම සිදු විය. මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා ද එක්ව සිටියේ ය.

    එන්නත් ලැබීමත් සමඟ ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයන්ට පළමුවත් කොවිඩ් මර්දන කටයුතු හා සම්බන්ධ ව සිටින ආරක්ෂක අංශ සහ පොලිස් සාමාජිකයන්ට දෙවනුවත්, වයස අවුරුදු 60 ට වැඩි පුරවැසියන්ට තුන්වෙනුවත් වශයෙන් එන්නත් ලබාදීමට නියමිතය. ඒ සඳහා එන්නත ලබාගන්නා පුද්ගලයන් ඒ සඳහා තම ලිඛිත කැමැත්ත පළ කළ යුතුව ඇත.

    මෙරට තුළ හදිසි භාවිතය සඳහා “ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා – කොවිෂීල්ඩ්” කොවිඩ් එන්නත යොදා ගැනීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය පසුගිය සිකුරාදා (22) අනුමැතිය ලබා දුන්නේ ය. ඒ අනුව මෙම එන්නත නිෂ්පාදනය කරනු ලබන්නේ ඉන්දියාවේ සීරම් ආයතනයයි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *