Headlines

    අස්වැසුම ගැන අලුත්ම ආරංචියක්

    අස්වැසුම ප්‍රතිලාභීන් තෝරාගැනීමේදී දරිද්‍රතාවය නිවැරදිව හඳුනාගැනීම සඳහා, පරීක්ෂා කර බලා තීරණය කළ හැකි නිර්ණායක වලට මූලිකත්වය ලබා දී කටයුතු කරන ලෙස සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ නිලධාරීන් වෙත රජයේ මුදල් පිළිබඳ  කාරක සභාව විසින් උපදෙස් ලබාදී තිබේ.

    එහිදී උදාහරණ දක්වමින් කාරක සභාව පෙන්වා දී ඇත්තේ නිවෙස් වල පරිභෝජනය කල විදුලි එකක ප්‍රමාණය මත විදුලි බිපත මගින් වඩාත් හොඳින් පුද්ගල දරිද්‍රතාවය හඳුනා ගත හැකි බවය.

    මේවනවිට අස්වැසුම ප්‍රතිලාභීන් තෝරාගැනීමේදී භාවිතකරන නිර්ණායකවල විශාල ගැටලු පවතින බව සහ විධිමත්බවක් නොමැති බව පෙන්වා දුන් කාරක සභාව ඒවා හැකි ඉක්මණින් නිවැරදි කිරීමට කටයුතු කරන ලෙසටද උපදස් ලබාදී ඇත.

    එහිදී  මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් පවසා ඇත්‌තේ අස්වැසුම ප්‍රතිලාභීන් තෝරාගැනීමේදී දැනට භාවිතකරන ලකුණු ලබාදීමේ ක්‍රමවේදය ද ඉදිරියේ දී වෙනස් කිරීමට කටයුතු කරන බවය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගියදා (28) වනදා පාර්ලිමේන්තුවේ රැස්වූ අවස්ථාවේදී මෙම නිර්දේශ ලබා දී තිබුණි.

    මෙදින කාරක සභාව හමුවේ  2002 අංක 24 දරන සුබසාධන ප්‍රතිලාභ පනතේ 27 වැනි වගන්තිය යටතේ  2024.04.29 දිනැති අංක  2382/02  අතිවිශේෂ ගැසට් පත්‍රයේ පලකළ රෙගුලාසි සංශෝධනය සලකාබැලීමද සිදුවිය.

    එමෙන්ම අස්වැසුම ප්‍රතිලාභීන් තෝරාගැනීමේදී අවශ්‍ය දත්ත ලබාගැනීමේ සිට සමස්ත ක්‍රියාවලියම ඉලෙක්ට්‍රෝනික ක්‍රමවේදයට පමණක් සිදුකරන ලෙසටද එම කාරක සභාව නිර්දේශය කර තිබේ.

    අදාළ සම්පූර්ණ නිවේදනය පහතින්,

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *