රුසියානු හමුදාවේ සේවය සඳහා ශ්‍රි ලාංකිකයින් යොමුකළ විදේශ රැකියා ආයතනයක හිමිකරු හා එහි කළමනාකරු ජූනි 13 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඒ ඊට අදාළ නඩුව මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී අද (30) යළි කැඳවූ අවස්ථාවේ දීය.
එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ 15 බැගින් මුදල් අයකර, සංචාරක වීසා මගින් රුසියානු හමුදාවේ සිවිල් සේවය සඳහා ශ්‍රි ලාංකිකයින් යොමුකරන බවට ලද පැමිණිලි 7ක් අනුව සැකකරුවන් දෙදෙනා මැයි 15 වනදා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
කාර්යාංශය වෙත ලද පැමිණිලි අනුව මෙම ආයතනය වංචාකර ඇති මුදල් ප්‍රමාණය රුපියල් කෝටියකට අධික වේ.