Headlines

    IS සබඳතා පැවැත්වූ සැකකරු අල්ලන්න කොළඹදී කළ මෙහෙයුම

    ISIS ත්‍රස්ත සංවිධානය සමග සබඳතා පැවැත් වූ බවට චෝදනා ලබා ඉන්දියාවේදී අත්අඩංගුවට පත් ශ්‍රී ලාංකිකයින් සිවුදෙනාව මෙහෙයවූ  ප්‍රධානියා ලෙස සැලකෙන ඔස්මන් ජෙරාඩ් නමැත්තා ඊයේ (31) රාත්‍රියේ කොළඹදී අත්අඩංගුවට ගෙන තිබුණි.

    ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය එක්ව සිදුකළ මෙහෙයුමකදීය.

    ISIS සංවිධානය සමග සම්බන්ධ බවට චෝදනා ලබා ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් සිව්දෙනා සමග සමීප සබඳතා පැවැත් වූ සහ ඔවුන්ට සහාය දැක් වූ බවට සැක කෙරන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය පසුගිය සෙනසුරාදා මහජන සහාය ඉල්ලා තිබුණි.

    පොලීසිය පැවසුවේ, ඔහු 46 හැවිරිදි ජෙරාඩ් පුෂ්පරාජා ඔස්මන් ජෙරාඩ් නම් දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවය.

    ඒ අතරතුර සැකකරු කොළඹ ප්‍රදේශයේ සැඟව සිටින බවට ලද තොරතුරකට අනුව ඊයේ රාත්‍රියේ ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබුණි.

    ඒ් අපරාධ පරීක්ෂණ දෙපාතර්මේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව සිදුකළ ඒ්කාබද්ධ මෙහෙයුමකදීය.

    පොලීසිය පැවසුවේ සැකකරු මේවන විට රඳවාගෙන ප්‍රශ්න කරන බවය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *