නැගෙනහිර ඇෆ්ගනිස්තානයේදී සිදුවූ බෝට්ටු අනතුරකින් පුද්ගලයින් 20 දෙනෙකු දියේ ගිලී අතුරුදන්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එරට ගංගාවක් හරහා ගමන් කරමින් තිබු බෝට්ටුවක් මෙලෙස අනතුරට පත්වී ඇති බව වාර්තා වෙයි.
අනතුරෙන් පුද්ගලයන් පස් දෙනෙකු දිවි බේරාගෙන ඇති බව සඳහන් ය.
අතුරුදන්වූවන් අතර කුඩා ළමුන් ද වන බව වාර්තා වෙයි.
ඔවුන් සොයා එරට මුදාගැනීමේ අංශ විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.