ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා 2024 වර්ෂයට අදාළ අයදුම්පත් හෙට (02) දිනෙන් පසු බාර නොගන්නා බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
ඒ අනුව අදාළ අයදුම්පත් අධ්‍යාපන අමාත්‍යංශයට හෝ පාසල්වලට හෙට දිනෙන් පසු යොමු කිරිමෙන් වළකින ලෙස අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දෙයි.
ජාතික පාසල්වලට 2024 වර්ෂයේ අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරිමට අදාළ අයදුම්පත් පාසල් වෙත යොමු කිරිමට මීට පෙර අවස්ථාව සලසා දී තිබුණි.
පුරප්පාඩු පවතින පාසල්වල අතරමැදි ශ්‍රේණි සදහා වු අයදුම්පත්වලට අනුව චක්‍රලේඛ ප්‍රකාරව අදාළ විදුහල්පතිවරුන් සම්මුඛ පරික්ෂණ පවත්වා තෝරාගත් සිසුන්ගේ නාම ලේඛනය අනුමැතිය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයට යොමුකිරිමට නියමිය.