මෙරටට කොරෝනා එන්නත් ගෙන්වීම හෝ අලෙවි කිරීමට පුද්ගලික අංශයට අවසර ලබා නොදෙන බව ජනාධිපති උපදේශක හා කොවිඩ් එන්නත් සම්බන්ධ මෙහෙයුම් ප්‍රධානී ලලිත් වීරතුංග මහතා පැවසුවේය.
එම එන්නත් හදිසි තත්ත්වයන් යටතේ, මෙරටට ගෙනඑන බැවින්, එම කටයුතු රජයේ පාලනය මත සිදුකිරීමට නියමිත බව ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කරයි.
කෙසේවෙතත්, දැනට ඉන්දියාවෙන් ගෙන්වා ඇති ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත ලංකාවේ රජයේ රෝහල්වල ගබඩා පහසුකමට ගැළපෙන උස්ණත්වයක පවතින නමුත් ඇමරිකාවේ ප්‍රකට එන්නතක් වන ෆයිසර් සමාගමේ එන්නත ලංකාවේ රජයේ රෝහල්වල ගබඩා කිරීමේ අපහසුතා පවති. එම එන්නත ඇතැම් පුද්ගලික රෝහල් ගෙන්වීමට හෝ රජයෙන් මිලදී ගෙන අලෙවි කිරීමට ඉල්ලුම් කර තිබුණත් ඊට මෙතෙක් අවසර හිමිව නැත.