මේ වසරේ ගතවූ කාලය තුළ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 600කට අධික ප්‍රමාණයක් සිය භාරයට ගත් බව නාවික හමුදාව පවසයි.
රුපියල් මිලියන 9,460කට අධික වටිනාකමකින් යුත් අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය එලෙස සිය භාරයට ගෙන ඇති බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා සඳහන් කළේය.
බහුදින යාත්‍රාවක සූක්ෂම ලෙස සඟවා ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් මිලියන 3,250කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 131ක ප්‍රමාණයක් සමග සැකකරුවන් 06 දෙනෙකු පෙරේදා (14) නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
එම මත්ද්‍රව්‍ය තොගය නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට ගාල්ල වරායේ දී එක්වෙමින් නාවික හමුදාපතිවරයා ඒ බව සඳහන් කළේය.