Headlines

    වසර 16කට පසු කොදෙව් ක්‍රීඩිකාවන්ට එරෙහිව ශ්‍රී ලංකාව පූර්ණ තරගාවලි ජයක් ලබාගනී

    වසර 16කට පසුව බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්ව තිබේ.

    ඒ අදින් අවසන් වූ  කොදෙව් කාන්තා කණ්ඩායම සමග පැවති තුන්වන සහ අවසන් එක්දින තරගය ලකුණු 161කින් ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වීමත් සමගය.

    හම්බන්තොට දී පැවති තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර තුළ කඩුලු 06ක් දැවී ලකුණු 275ක් ලබා ගත්හ.

    එම ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ලකුණු 91ක් රැස්කිරීමට සමත් වු අතර නිලක්ෂිකා සිල්වා ලකුණු 63ක් සහ අනුෂ්කා සංජීවනී ලකුණු 55ක් ලබා ගත්හ.

    තරගයේ ජයග්‍රහණය සදහා ලකුණු 276ක ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි කොදෙව් ක්‍රීඩිකාවන්ට පන්දුවාර 34යි පන්දු 5ක් තුළ සියලුදෙනා දැවී ලබාගත හැකිවුයේ ලකුණු 115ක් පමණයි.

    විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ සචිනි නිසංසලා ලකුණු 28කට කඩුලු 05ක් බිඳහෙලීමට සමත් වුණි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *