Headlines

    ගාසා තීරයට කොල්ලකරුවන්ගෙන් පීඩා

    දකුණු ගාසා තීරයට අත්‍යවශ්‍ය ආධාර රැගෙන යාම සහ බෙදාදීම අනතුරුදායක තත්ත්වයකට පත්ව ඇති බව එහි මානුෂීය කටයුතු සම්බන්ධීකරණ සිදුකරන එක්සත් ජාතීන්ගේ කාර්යාලය පවසයි.

    එහි ප්‍රධානීන් පවසන්නේ, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කොල්ලකෑමේ සිදුවීම් රැසක් වාර්තා වී ඇති බවය.

    පසුගිය අඟහරුවාදා (18) ද ඇතුළු වන ලොරි රථවල තිබූ භාණ්ඩවලින් හතරෙන් තුනක් සොරකම් කර ඇති බවට එක්සත් ජාතීන්ගේ කාර්යාලය ගණන් බලා තිබේ.

    ආයුධ සන්නද්ධ කල්ලි විසින් ආධාර රැගෙන යන වාහනවලට පහර දී කොල්ලකෑම් සිදුකරන බව සඳහන් වේ.

    අනතුරුව ආධාර ගාසා තීරයේ වෙ‌ළෙඳපොලේ අධික මිලට අලෙවි කරන බව විදෙස් වාර්තා සඳහන් කළේය.

    ගාසා තීරයට ඉන්ධන රැගෙන ආ ලොරි රථ ඉලක්ක කර ද ප්‍රහාරයක් එල්ල වී තිබුණි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *