Headlines

    යුද්ධයට මැදිවූ අපේ අය බේරාගැනීමට නියෝජිත පිරිසක් රුසියාවට

    රුසියානු – යුක්‍රේන යුද්ධයට මැදි වී සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂිත දූත පිරිසක් අද (24) දිනයේ දී රුසියාව බලා පිටව යාමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පවසයි.

    ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා, සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් සමන්විත 6 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් මෙලෙස පිටත්වීමට නියමිත ව බව මන්ත්‍රීවරයා පැවසුවේය.

    මෙම ශ්‍රී ලාංකික දුත පිරිස සහ රුසියානු රජයේ නියෝජිතයින් අතර නිල හමුව අනිද්දා (26) දිනයේ දී මොස්කව් නුවරදී පැවැත්වෙනු ඇති.

    එදින උදෑසන රුසියානු නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා සමගත් සවස්වරුවේ රුසියාවේ නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා සමගත් මෙම සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

    එහිදී රාජ්‍ය තාන්ත්‍රක සාකච්ඡා වට කිහිපයක් ම පැවැත්වීමට නියමිත බව ගාමිණී වලේබොඩ මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *