Headlines

    ඉන්දියාව ඉන්දියාව අවසන් පූර්ව වටයටඅවසන් පූර්ව වටයට

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට්  තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර තරගයෙන් විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ඉන්දියාව ඊයේ (24) සමත්විය.

    ඒ එම තරගය ලකුණු 27කින් ජය ගනිමිනි.

    තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව සිය පන්දු ඕවර 20දී කඩුලු 5ක් දැවී ලකුණු 205ක් රැස් කළේය.

    එහිදී ඉන්දීය ඉනිම වෙනුවෙන් නායක රෝහිත් ශර්මා පන්දු 41කට මුහුණ දෙමින් ලකුණු 92ක් රැස් කළේය.

    පන්දු යැවීමේදී මිචෙල් ස්ටාක් සහ මාකස් ස්ටොයිනිස් කඩුලු 2ක බැගින් දවා ගත්තේය.

    ලකුණු 206ක ඉලක්කයක් හඹා යෑම ඇරඹු ඔස්ට්‍රේලියානු පිතිකරුවන්ට නියමිත පන්දු ඕවර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලබා ගැනීමට හැකි වූයේ  ලකුණු 181ක් පමණි.

    ඒ අනුව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *