ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ සැකකරුවන් තිදෙනෙක් තඹුත්තේගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
රුපියල් 500 ව්‍යාජ මුදල් නෝට්ටු 06ක් සන්තකයේ තබාගෙන සිටි 17 හැවිරිදි උඩුනුවර ජනපදය, නොච්චියාගම ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් පසුගිය 25 වන දින අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.
එම සැකකරුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සහ ව්‍යාජ නෝට්ටු ළඟ තබා ගෙන සිටි තවත් සැකකරුවන් තිදෙනෙක් ඊයේ (26) අත්අඩංගුවට ගෙන තිබේ.
එම සැකකරුවන් සතුව තිබී ව්‍යාජ රුපියල් 5,000 මුදල් නෝට්ටු 08ක්, ව්‍යාජ රුපියල් 500 නෝට්ටු 149ක් සහ ව්‍යාජ මුදල් මුද්‍රණය කිරීමට යොදාගත් ලැප්ටොප් පරිගණකයක් සහ මුද්‍රණ යන්ත්‍රයක් පොලීසිය භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 17,49 හා 54 යන වයස්වල පසුවන හෙට්ටිපොල ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.
තඹුත්තේගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.