Headlines

    LPL තරග සඳහා පවර් බ්ලාස්ට් ඕවර්ස්

    ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග සඳහා නව තරග රීතියක් හඳුන්වා දීමට එහි සංවිධායකයින් කටයුතු කර තිබේ.

    ඒ යම් ඉනිමක අවසාන භාගය සඳහා “Power Play” අවස්ථාවක් හඳුන්වා දීමය.

    එම නව වෙනස්කම හඳුන්වා දී ඇත්තේ “Power Blast Overs” යනුවෙනි.

    ඒ අනුව යම් ඉනිමක 16වන සහ 17වන පන්දු ඕවර දෙක “Power Play” අවස්ථාවක් වෙයි.

    එම පන්දු ඕවර දෙකේදී පිටියේ යාර 30 සීමාවෙන් පිටත රැඳවිය හැක්කේ පන්දු රකින්නන් 4 දෙනෙක් පමණි.

    මෙමගින් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග වඩාත් තරගකාරී වෙතැයි LPL තරගාවලි අධ්‍යක්ෂ සමන්ත දොඩන්වෙල මහතා පවසයි

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *