Headlines

    කොරෝනා ව්‍යප්තියේ නවතම තොරතුරු (2021-Feb-02) – ඊයේ ආසාදිතයින් 826 යි මරණ 07 යි

    අද දින (02) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 826 දෙනෙකු හදුනාගෙන ඇති බවත් ඉන් පුද්ගලයින් 10 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන අතර සෙසු 816 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (01) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම ගණන 212 ක් ලෙස දැක්වේ. ගම්පහ දිස්ත්‍රිකයෙන් ආසාදිතයන් 132 ක් ද මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 131 ක් වාර්තා වන අතර අනෙක් ආසාදිතයන් 341 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වී ඇත.

    පසුගිය පැය 24 තුළ ශ්‍රී ලංකාව තුළින් ‍කොවිඩ්-19 ආසාදිත වීමෙන් පුද්ගල මරණ 07 ක් වාර්තා වී ඇති අතර එලෙස මිය ගොස් ඇත්තේ වත්තල ප්‍රදේශයේ පදිංචිව සිටි 75 හැවිරිදි කාන්තාවක්, නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 69 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 02 ප්‍රදේශයේ පදිංචිව සිටි 72 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, උඩුගම්පොළ ප්‍රදේශයේ පදිංචිව සිටි 69 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, මඩවල ප්‍රදේශයේ පදිංචිව සිටි 73 හැවිරිදි කාන්තාවක් සහ ගෙලිඔය ප්‍රදේශයේ පදිංචිව සිටි 77 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් වේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 මරණ සංඛ්‍යාව 323 දක්වා ඉහල ගොස් ඇත. ඊයේ (01) දිනයේ මෙරටදී සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 13,392 කි.

    කොවිඩ-19 වෛරසය ආසාදනය වූ සම්පූර්ණ සංඛ්‍යාව – 64,983
    පූර්ණ සුවය ලබා රෝහල් වලින් බැහැරව ගිය සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව – 58,075
    දැනට රෝහල් වල සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව – 6,585
    දැනට ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 නිසා සිදු වී ඇති මරණ සංඛ්‍යාව – 323

    https://www.hpb.health.gov.lk/ (Accessed feb-02-2021 2.00 p.m IST)

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *