Headlines

    ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසදනය වී මිය ගිය පළමු වෛද්‍යවරයා – ගයාන් දන්තනාරායන

    රාගම මහ රෝහලේ සේවය කළ ගයාන් දන්තනාරායන නම් 32 හැවිරිදි වෛද්‍යවරයෙකු ද කොවිඩ් -19 වෛරසයට ගොදුරු වී අද (02) උදෑසන මියගිය බව කරාපිටිය ‍රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කරේය.

    කොළඹ, නුගේගොඩ ලයිසියම්  ජාත්‍යන්තර පාසලක මූලික අධ්‍යාපනය ලැබූ ගයාන් අඩු වයසකින් වෛද්‍ය විද්‍යාව හැදෑරීමට චීනයේ, ටියැන්ජින් වෛද්‍ය විද්‍යාලයේදී වසර 5ක ඉගෙනුම් කටයුතු නිම කරමින් 2010 වසරේ වෛද්‍ය උපාධිය හිමිකරගෙන තිබුණි.

    උපාධිය ලබාගෙන ලංකාවට පැමිණි ගයාන් වෛද්‍යවරයෙකු ලෙස මෙරට සේවය කිරීමට අවශ්‍ය විභාගයට මුහුණ දී ඉන් සමත්ව හලාවත, අම්පාර වැනි දුෂ්කර රෝහල්වල කාලයක් සේවය කර තිබුණු අතර ළමා වාට්ටුවේ සේවාව කළ වෛද්‍ය ගයාන් දන්තනාරායන වෙහෙස මහන්සිය නොබලා දරුවන්ගේ ජීවිත බේරාගැනීමට මහඟු සේවයක් කළ අයකු හැටියට ප්‍රසිද්ධ ය.

    ගම්පහ ප්‍රදේශයේ පදිංචිව සිටි වෛද්‍ය ගයාන් දන්තනාරායන මහතාගේ පියා ද දක්ෂ වෛද්‍යවරයෙකි.  පවුලේ ඔහුට බාල සහෝදරයෙක් සහ සහෝදරියක් සිටින අතර වැඩිමහල් සහෝදරයා හදිසි දුම්රිය අනතුරකින් මියගොස් ඇත. සංගීතයට ද කැමැත්තක් දැක් වූ ගයාන් ගිටාර් වාදනයට වැඩි වශයෙන් ප්‍රිය කළේය. 

    කොරෝනා වැලඳීම නිසා ඔහුව මීට දින කිහිපයකට පෙර ප්‍රතිකාර ගැනීම සඳහා ඇතුළත් කර තිබුණේ මුල්ලේරියාව රෝහලට බවත් අනතුරුව ඇතිවූ සංකූලතා හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයට පත්වූ මෙම වෛද්‍යවරයාව ගාල්ල කරාපිටිය රෝහලට රැගෙන ගොස් එක්මෝ (ECMO) යන්ත්‍රයට සම්බන්ධ කර ඇත්තේ කොරෝනා රෝගය හේතුවෙන් හෘදය හා පෙණහලු අකර්මණ්‍ය වීමෙන් වලක්වා ගැනීම සඳහාය. දැනට ශ්‍රී  ලංකාවේ කිසිදු රෝහලක නැති මේ ‘එක්මෝ’ යන්ත්‍රය ඇති එකම රෝහල වන්නේද ගාල්ල කරාපිටිය රෝහල වූ අතර එම යන්ත්‍රය මගින් වෛද්‍යවරයාගේ අක්‍රිය වන පෙණහලු හා හෘදයට උත්තේජනයන් ලබා දීම සිදු කරන ලදි.

    ජීවිතයත් මරණයත් අතර දැඩි සටනක නිතර වෙමින් සිටි වෛද්‍ය ගයාන් අවසානයේ ප්‍රතිකාර ලබමින් සිටියදී එලෙස අවසන් ගමන් ගොස් ඇත.

    මේ වනවිට ඔහුගේ මව හා බිරිඳ පවා සිටින්නේ කොරෝනා ආසාදිතවය.

    කෙසේ වෙතත්, කොරෝනා ආසාදනය වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ දී වෛද්‍යවරයෙකු මියගිය ප්‍රථම අවස්ථාව මෙය වේ.

    Dr Gayana Danthanarayana

     

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *