දෙහිවල, පින්නවල හා රිදියගම සත්වෝද්‍යාන දෙස් විදෙස් සංචාරකයන් සඳහා පළමු වෙනිදා සිට විවෘත කර ඇති බව වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවැසීය. මෙම සත්වෝද්‍යාන කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් මෙයට මාසයකට පමණ පෙර සිට වසා දමා තිබූ අතර සතුන් ජනතාවගෙන් හැකිතාක් දුරට ඇත්කර සෞඛ්‍ය උපදේශවලට අනුකූලව සත්වෝද්‍යාන විවෘත කර ඇතිබව වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරේය.

සියලු සත්වෝද්‍යාන දිනපතා විෂබීජහරණය කරනු ලබනා අතර ඒවා නිසිලෙස බලාගැනීමට උපදෙස් දී ඇතැයි විමලවීර දිසානායක මහතා ප්‍රකාශ කළේය. මේ අතර සත්වෝද්‍යානවල සතුන් කිසිවකුටත් කොරෝනා වයිරසය ආසාදනය වී නැතැයි සත්චෝද්යාන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.