73 වන නිදහස් දින සමරු උත්සවය අභිමානවත් සහ චාම් අයුරින් 73 පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර ඇත. ඒ අනුව හෙට (04) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් පරිශ්‍රයේ දී නිදහස් දින සමරු උළෙල ආරම්භ වේ.

වෙනත් වසර වලට සාපේක්ෂව අවම භට පිරිස් ප්‍රමාණයකගේ සහභාගීත්වයෙන් මෙවර නිදහස් දින ත්‍රිවිද හමුදා අචාර පෙළපාලිය පැවැත්වෙන බව විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න මහතා ප්‍රකාශ කරේය. මීට අමතරව මෙවර නිදහස් දින සමරු උත්සවයට සහභාගී වන ආරාධිත අමුතතන් සහ ප්‍රභූවරු සංඛ්‍යාවද වෙනත් වසර වලට සාපේක්ෂව අවම කර තිබේ. කෙසේ වෙතත් උළෙලට සහභාගී වන සෑම කෙනෙකුම පී.සී.ආර් හෝ ඇන්ටිජන් පරීක්ෂාවට ලක් කර ජාතික නිදහස් දින උත්සවය පැවැත්වෙන ස්ථානයට ගෙන ඒමට නියමිතය.
ඒ අනුව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය ඇමතීමෙන් පසුව ත්‍රිවිධ හමුදා ආචාර පෙළපාලිය පැවැත්වෙන අතර යුධ හමුදා භට පිරිස් 3153ක්, නාවික හමුදා භට පිරිස් 821ක්, ගුවන් හමුදා භට පිරිස් 742ක් සහ ශ්‍රී ලංකා යුධ හමුදාව සහ පොලිස් භට පිරිස් 510ක් සහ සිවිල් ආරක්ෂක බලකායෙන් 457ක් වශයෙන් භට පිරිස් සහභාගී විමෙන් අනතුරුව නර්තන සහ වාදන ශිල්පීන් 340කගේ සහභාගිත්වයෙන් සංස්කෘතික සංදර්ශනය පැවැත්වීමෙන් පසු 73 ජාතික නිදහස් දින සමරු උළෙල නිමාවට පත් වීම සිදුවේ.

මීට අමතරව ජාතික නිදහස් දිනයට සමගාමීව රට පුරා විවිධ පිංකම් සහ රුක් රෝපණ වැඩසටහන් සංවිධානය කර තිබෙන අතරම මහාමාන්‍ය ඩී.එස් සේනානායක ගුණ සමරු උත්සවයද හින්දු මුස්ලිම් සහ කතෝලික ආගමික වතාවත් හෙට (04) දිනයේදී පැවැත්වීමට නියමිතය.
මීට අමතරව අද (03) හා හෙට (04) යන දෙදින පුරා කොළඹ නිදහස් චතුරශ්‍රය අවට මාර්ගවල විශේෂ රථවාහන සැලැස්මක්ද ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
ඒ අනුව නිදහස් චතුරශ්‍රය අවට මාර්ග කිහිපයක් සම්පූර්ණයෙන් වසා තැබෙන අතර තවත් මාර්ග කිහිපයක රථවාහන ධාවනය සීමා කෙරෙනු ඇති අතර එම කාලය තුළ ගමන් කිරීමට විකල්ප මාර්ග කිහිපයක් ද හඳුන්වා දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.
