Headlines

    73 වන ජාතික නිදහස් සැමරුම් දිනය අදයි

    වර්ෂ 1948 පෙබරවාරි 04 වෙනි දින ශ්‍රී ලංකාවට අරුණ නැගුනේ එකසිය තිස් තුන් වසරක් බ්‍රිතානයන්ගේ යටත් විජිතයක්ව පැවති ශ්‍රී ලංකාව නිදහස් බිමක් ලෙස ප්‍රකාශයට පත් කිරීමත් සමග ශ්‍රී ලංකාව නිදහස් රාජ්‍යයක් බවට පත් වුයේ ඩොමිනියන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීමෙනුයි.

    එම ව්‍යවස්ථාව යටතේ 1948 පෙබරවාරි 04 වෙනිදා පෙ.ව.07.30 ට එළබුනු සුබ මොහොතින් නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම ආණ්ඩුකාරවරයා වශයෙන් සර් මොක්ස්‌ මේසන් මුවර්තුමා ,සර් ජෝන් හොවාර්ස් අගවිනිසුරු වරයා ඉදිරියේ දිවුරුම් දුන්නේ කොළඹ රජ වසලේදී වන අතර එදින රතිඤඤා හඩින් මුළු රටම ගිගුරුම් දී සැම පන්සලකම ඝන්ටා නාද විය.

    නිදහස නිමිති කරගෙන පෙබරවාරි 04 වෙනිදා සිට 14 වෙනිදා දක්වා රජයෙන් උත්සව මාලාවක් සංවිධාන කෙරිණ‍. නිදහස් උත්සවය නිමිති කරගෙන සිරකරුවන් 1883 දෙනෙකුට නිදහස හිමි වූ අතර මරණිය දණ්ඩනයට නියමව සිටි සිරකරුවන් 09 දෙනෙකුද එදින නිදහස ලැබීය.

    පෙබරවාරි 4,10,11,12, යන දින රජයේ නිවාඩු දින ලෙස නම් කෙරිණ. වාරායේ නැව්,රජයේ ගොඩනැගිලි,ආගමික ස්ථාන,නිවෙස් ආදී ස්ථාන සියල්ලකම සිංහ කොඩි ලෙල දුන් අතර කොලඹ පැවති නිදහස් උත්සවය නැරඹීමට පැමිණෙන ජනතාව වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවන්ද ක්‍රියාත්මක විය.

    සියවස් ගණනාවක් මෙරට පාලන තන්ත්‍රය යටත්විජිතකරණයෙන් හෙම්බත්ව සිට නිදහස ලැබීමෙන් පසු මහා පරිවර්තනයකට බදුන් විය. එළෙස ලද නිදහසෙන් පසු යළිත් අප රටෙහි උතුරුකරයේ ජාතිවාදී ගිනි කෙළි ඇවිළෙමින් එල් ටී ටී ඊ ය ප්‍රමුඛ කරගත් මහා දරුණු ත්‍රස්තවාදයක් නිර්මාණය විය. තිස් වසරකට අධික කාලයක් ම්ලේච්ඡත්වයේ උපරිමයට යමින් රටපුරා වෙඩි වරුසා, බෝම්භ ප්‍රහාර දියත් කරමින් සුවහසක් ජනතාවගේ සෝ සුසුම් මධ්‍යයේ රුධිර ගංගා වගුරුවන්නට තරම් එම දරුණු ත්‍රස්තවාදීන් ක්‍රෑර විය.

    ඊළාම් සිහිනය වෙනුවෙන් මිනිස් ජීවිත තුට්ටුවකට මායිම් නොකර අසරණ මිනිසුන්ගේ ජීවිත පිපාසිතව මෙන් ඝාතනය කළ ම්ලේච්ඡ ඒල් ටී ටී ඊ ත්‍රස්ත නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ මරණයට පත් කරමින් අපගේ වීරෝධාර රණවිරුවන් ත්‍රස්තවාදයෙන් මවුබිම මුදවාගන්නේ මීට ඒකොළොස් වසරකට පෙර 2009 වසරේ මැයි 18 වන දින අපගේ වීරෝධාර හමුදාවට එවකට සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ එවකට ආරක්ෂක ලේකම්ව සිටි වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ එඩිතර මගපෙන්වීම සහ නොසැලෙන නායකත්වය මනා පිටුවහලක් විය.

    එම විජයග්‍රහණයට මේ වන විට එකොලොස් වසරක් ගතව ඇත.. බටහිර යටත්විජිතකරණයෙන් ශ්‍රී ලාංකික ජනතාව නිදහස ලබා අදට (04) වසර 73ක් සපිරෙයි.. අද දින සිහිකෙරෙනුයේ ඒ අභිමානවත් නිදහස් දින සැමරුමයි…..

    බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයෙන් මිදී වසර 73ක් ගියද අප ස්වාධීන රටක් ලෙස තවදුරටත් කටයුතු කරන්නේ ද යන්න විමසා බැලීම සියළු පුරවැසියන්ගේ යුතුකමක් සහ වගකීමකි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *