Headlines

    බිත්තර ආනයනයට රජය යළි සැරසෙයි

    බිත්තර ආනයනය කෙරෙහි යළි අවධානය යොමුව ඇති බව වෙළෙඳ හා වාණිජ කටයුතු අමාත්‍යංශය පවසයි.

    එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ මෙරට බිත්තර නිෂ්පාදකයින් විසින් දිගින් දිගටම බිත්තර මිල ඉහළ අගයක පවත්වාගෙන යාම සම්බන්ධයෙන් එම පියවර ගැනීමට නියමිත බවය.

    ඒ සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් හෙට (22) දිනයේ පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

    මෙලෙස බිත්තර මිල නොවෙනස්ව ඉහළ මිලක් පවත්වාගෙන යාම සඳහා නිෂ්පාදකයින් විසින් වෙළෙඳපොළට නිකුත් කරන බිත්තර ප්‍රමාණය සීමා කිරීමට කටයුතු කරන බව සඳහන්ය.

    එමෙන්ම බිත්තර නිෂ්පාදනය පාලනය කිරීම සඳහා සතුන් මස් පිණිස අලෙවි කිරීම ද සිදුකරන බව වෙළෙඳ හා වාණිජ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *