ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අපරාජිතව අවසන් පූර්ව වටයට පිවිසීමට අද (24) ශ්‍රී ලංකා ක්‍රිකට් කාන්තා කණ්ඩායම සමත් විය.
ඒ අද පැවැති තරගයෙන් තායිලන්ත කණ්ඩායම කඩුලු 10කින් පරාජය කරමිනි.
එම තරගයේ කාසියේ වාසිය දිනූ තායිලන්ත පිල පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබුණි.
ඒ අනුව තායිලන්තය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස් කළේ ලකුණු 93ක් පමණි.
ජයග්‍රාහී ලකුණු 94ක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දුවා 11යි පන්දු 03ක් අවසානයේ කිසිඳු කඩුල්ලක් නොදැවී ලකුණු 94ක් ලබා සිය ජය තහවුරු කළාය.