Headlines

    කොළඹ උද්ධමනය ඉහළ යයි

    2024 ජූලි මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය  ප්‍රකාශයට පත් කර තිබේ.

    ඒ අනුව කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය  2024 ජූලි මාසය සඳහා 2.4% ක් දක්වා වැඩි වී ඇත.  එය 2024 ජුනි මාසය සඳහා 1.7% ක් ලෙස වාර්තා වී තිබුණි.

    2024  ජුලි මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය 1.5% දක්වා වැඩි වී ඇති අතර 2024 ජුනි මාසයේදී වාර්තා වුයේ 1.4% ක්  ලෙසය.

    එමෙන්ම,  2024 ජූලි මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය 2.8% ක් දක්වා වැඩිවී ඇති අතර එය 2024 ජුනි මාසයේදී 1.8%  ක් ලෙස වාර්තාවී ඇති බවද ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *